Monday, August 27, 2012

බ්ලොග් ලෝකේ බෝරින්ග් ඇයි?? -- ඇනොනිමස් ඩිස්කවරි

බ්ලොග් ලෝකයේ විවේචන තිබිය යුතුය. නොඑසේ නම් එය ඉතාම ඔද්දල් වූ කිසිම රහක් නැති දෙයක් වනු නොඅනුමානය. විවේචන මැදහත් සිතින් ඉවසනු මැනවි. රළු වුවද පරළු වුවද විවේචන එල්ලවන්නේ ඔබ ලියනා දේ සම්බන්ධවය. ඒ නිසා මල් මෙන්ම ගල්මුල් ද එක සේ භාර ගැනීමට ලියන්නා ශක්තිමත් විය යුතුය. ඒ වගේම විවේචනයකට විචාරශීලී පිළිතුරු දීම කල යුතුය. නොමැතිව සරලව ලෙස්සා යාම හෝ විවේචකයන් විවේචනයෙන් සිද්ධවන දෙයක් නැතිය.

ඇනොනිමස් සිටින්නේ විචාරකයාගේ තැනය.  ඒ ගැන සියලු ඇනෝ කරුවන් එකඟ වනවා නොඅනුමානය. ඇනෝ ගේ කාර්යභාරය ඉතා පුළුල් වුවක් මෙන්ම ඇනෝ යුද්ධ ටැංකියක් හා සමානව බලවත් සංකල්පයකි. ඒ වගේම යුද්ධ ටැංකියක් හා සම නොවන කුඩා කැටපෝලයකි. ඒ කියන්නේ සියලු අහුමුලු අස්සෙන් රිංගා යාමටත් බිඳ හෙළිය නොහැකි බාධක බිඳ හෙලීමටත් ඇනෝ හට හැකිය. ඒ නිසා සමහරු ඇනෝ භීතිකාවෙන් පෙළෙති.

මේ ලියන්නේ පරණ රජාගේ පෝස්ටුව සහ ඇනොනිමස් ඩිස්කවරි පෝස්ටු අලලා ය. එහිදී බොහෝ දෙනා කීවේ පරණ පිළුණු කුණු අතගාන්න එපා කියලා ය. ඒ රංග ගැන ය. ඒත් රජා ගැන කියන විට ඌ පොඩි එකෙක්ලු. ඌ ලියන්නේ ඌට ඕනා දේ ලු. උට උගේ පාඩුවේ ලියන්නට ඉඩ දෙන්න ලු. මට ඒ දිහාවේ නොයන්න ලු. නමුත් මේ අපහාසාත්මක මඩක් නොවන බව මම ඒ මහත්වරුන්ට කීමට කැමතියි. මේ තමයි නියම විවේචන.


හැකිනම් රජාට වෙනස්වන්නටයයි අපි කියන්නෙමු. රසකතා එකක් දෙකක් අතරේ වැදගත් එක දෙයක් ලියන්නටය කියමු.


එහෙත් කිසිවෙක්ට අපි අභියෝග නොකරන්නෙමු..


ඒ.... අභියෝග බාරගන්නට ඔබ තවම බොළඳ වැඩි බැවිනි.

Sunday, August 26, 2012

රජ්ජුරුවන්ගේ බ්ලොග් එක..

බ්ලොග් අවකාසේ ඉන්න රජා මොකාද ඇහුවොත් හැමෝම දන්නේ තහනම් අඩවියක් ලියන එක රජෙක් ගැන.

රජෙක් වුනත් මේ රජා නම් රන්ගොජෙක් බව නොකියාම බැරිය. ඒ මන්ද යත් මු ලියන්නේ රජෙක් තියා රජ පැටියෙක්වත් හිතන්නේ නැති මගුලක්මය. මඩක් කා සැනින් ගූ බාල්දියක් තමන්ගේ බ්ලොගේ දමාගන්නා මු රජකම තියා පැහුණු රජ පැටියෙක්වත් නොවන බව එකලා ම පැහැදිලි කරන ලදී.

මේ ලඟදි වනයක් උඩ තරුවක් කියා  මු ලියු පොස්ට් ටිකද කියවා කමෙන්ට් කිරීමට මිනිසුන් සිටි නිසා කුණු රස දන්නෝ ද බ්ලොග් ලොව සිටින බව ඔප්පු කර පෙන්වන ලදී. එතනින් නොනැවතී ඒ කතා ගෙනා බ්ලොගේ දිහා බැලුවොත් මුගේ වල් කුජීත කම මැනවින් පෙනෙන්නට පටන්ගනී.

මේකා ලියා ඇති සෑම පොස්ට් 10 කටම එකක් ලියා ඇත්තේ එක්කෝ බඩු ගැන ය. නැතිනම් කෙල්ලන්ගේ පුකවල් ගැනය. නැතිනම් කොන්ඩම් වලට වතුර පුරවා තියන ඒවා ය. නැතිනම් පච්ච ය. බඩුය.

ඌ කාලයක් ප්‍රශ්න ඇසුවේය. ඒ ප්‍රශ්න ඇසීමේ කලාව උගෙන්ම පටන්ගෙන උගෙන්ම නැතිවිය. ඒ ඌ හැර වෙන එකෙක් ඔයවගේ දෙයක් නොකිරීම නිසාම නොව සිඟිති ආතල් සිඟිති එවුන්ටම නිසා ය. මේවා ලියද්දි සිතෙන්නේ ගස්ගල් උඩ ඉන්න උන්ට නෙට් ලැබිලා මෙහෙම නම් ඉතින් වෙන මොකක්ද කියලා ය.

අනේ රන්ගොජෝ හරවත් දෙයකුත් ලියපිය. තෝ ඉන්ජෙක් කියකියා රටවටේ ඇවිද්දට තෝ එක කණුවක දිග ගැන පොස්ට් එකක කියා නැත...

Wednesday, August 22, 2012

බ්ලොග් වල අලුත්ම ට්‍රෙන්ඩ්ස්.. ඇනොනිමස් ඩිස්කවරි.

ඇනොනිමස් ගේ ලෝකය මේ ටිකේ බ්ලොග් ලෝකයේ දුටු අලුත්ම ට්‍රෙන්ඩ් ටිකක් ගැන කතා කරන්නයි සුදානම් වෙනේ.

1. ඔබට පෝස්ට් එකක් ලියන්න කරුණු කාරනා නැද්ද? වෙලාව හොයාගන්න විදිය ගැටළු තියනවද?

මේ කතාබහ මේ ටිකේම බ්ලොග් ලියන අය ගැවසෙන තැන්වල දී සිද්ධ වුනා. ඒ ගැන අපේ බ්ලොග් පොරක් වන රංග මහතා ලොකු ආදර්ශයක් දීල තියනවා. (රංග සන රමීෂා ගැන දන්නවා ඇතිය සිතමි. බ්ලොග් ලෝකයේ සුන්දරම කපල් එක වන මේ දෙන්නා ගැන අටුවා ටීකා ටිප්පනි කීම ලොවෙත් අනවශ්‍ය දෙයකි.)

මෙච්චරයි කරන්න ඕනේ. සරලයි. අන්තර්ජාලේ පීරන්න, ඉංග්‍රීසි ජෝක් කතාවක් හොයාගන්න. පුළුවන් තරම් හොඳට පරිවර්තනය කරන්න. ඔන්න ඔබ සතුව පෝස්ට් එක දැන් ඇත. දැන් ඉතින් එය පබ්ලිෂ් කරන්න. කැමති නම් ඔටෝ පබ්ලිෂ් කරන්න. ඒ පෝස්ට් ලියන්න ඔබට කාලයක් නැද්ද? එහෙමනම් වැඩ වැඩි වෙලාවක් බලන්න. වැඩිම වැඩ තියන වෙලාවේ මොකෙක්වත් ඔබ නෙට් එකේ පෝස්ට් කොටනවා බලන්නේ නැත. ඉතින්.. කොටන්න.. දවසට දෙකක් කොටන්න??? ඔව් ඔබට පුළුවන්. උදේ කියවන ජෝක් කතා යාළුවන්ට රසකර කීමෙන් පසු ඒවාට උන් හිනාවෙනවා නම් උදේ එකක් ද කෑමට පසු එකක්ද කොටන්න. ඔන්න දැන් පෝස්ට් දෙකක් ඔබ සතුය.



මුලික සුදුසුකම වැඩ අධික වීමයි. ඊට අමතරින් ඉන්ටනෙට් සහිත පරිඝනකයක් සහ බ්ලොග් ලියන්න කාලයක් තිබීම ප්‍රමාණවත් ය.

2. ජනප්‍රිය බ්ලොග් එකක් වෙන්න ඕනෙද?

මේකට උත්තර දීල තියෙන්නේ එක රැයෙන් ජනප්‍රිය(අ) වුන රමීෂා ඇන්ටී.. එයා එයාගේ සුවාමි පුරුසයා බ්ලොග් ලෝකේ පොරක් නිසා ඒ පොරගෙන් අහලා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි විදියට හිට් වුනේ එක රැයකින්. ඒ ටැබූ බඩු සහ රජු කියන පෝස්ට් එක හරහා (දැන් ඉතින් මෙතන ඇවිත් කියවන්න එපා ඔයා මීට කලින් මහා ජනප්‍රිය කෙනෙක් කියලා. එහෙමට මොකෙක්වත් ඔයාව දැනගෙන හිටියේ නෑ (ඔයාගේ සෙට් එක ඇරුනාම) ඔය පෝස්ට් එක යන්න කලින්.) ඊට කලින් අලුත් ආදර කතාවක්  ලියන හැටි කිරිල්ලියකට කියන රංග තමන්ගේ බ්ලොග් එකට සාර්ථකව ගිලිහුණු ජනප්‍රියතාව ආපහු ගන්නවා (දැන් කියන්න එපා මම බ්ලොග් ලියන්නේ ජනප්‍රිය වෙන්නද කියලා පෝස්ට් එකක් ලියනවා කියලා. කලින් ඇනෝ කෙනෙට බයවෙලා මම කොහොමද ජීවත් වෙන්නේ කියලා පෝස්ට් එකකින්ම උත්තර දුන්නට. අපි දැක්කා බ්ලොග් කියන්නේ ඔයාගේ ජීවිතේ මොකක්ද කියන එක..)

නෑ මම වෙඩි තියන්නේ මේ සමනලයට කියලා රජෙක්ට වෙඩි තියපු රමීසා නැන්දා ඒ හරහා ඉමහත් ජනප්‍රියතාවක් අත්කරගත්තේ එක ආදර්ශයක් දෙමින්. ඒ මේකයි. ජනප්‍රිය වෙන්න ඕනේ නම් හොඳින් හිට්ස් තියන බ්ලොග් එකක් විවේචනය කරන්න ඕනේ. ඒකත් කිසිම වැඩකට නැති විදියකට. නන්නත්තාර වෙන්න.. අන්න ඊට පස්සේ ඒ බ්ලොග් එකට ලින්ක්ස් දෙකතුනක් දානවා. ඊට පස්සේ ඉතින් අර බ්ලොග් එක බලා ඉද්දි කට්ටිය පිරෙන තැනක් වෙනවා.. ඔන්න.. කමෙන්ට්ස් කන්න වැටෙනවා.. (නැතිනම් ඉස්සර ගියේ චැට් නේ..) {රමීසා නැන්දා නම් දැන් ලියන්නේ පත්තරයකි. හිට්ස් පමණක් ඇති කමෙන්ට් අනවශ්‍ය ඒ පත්තරය බ්ලොග් ලෝකේ මුල්ම පත්තරයයි.}

 

Saturday, August 18, 2012

ඇනෝනිමස් ගේ ලෝකය ගැන..

බ්ලොග් අවකාශයේ ඇනොනිමස් අඩවි කීපයක්ම තියෙනවා. අපිත් අලුතින් බ්ලොග් ලෝකෙට ආවේ ඇනොනිමස්ගේ බලය වගේම කීර්තියත් රැගෙන. සාමාන්‍ය නාමික බ්ලොග් කරුවෙක්ට (ඔවුනුත් ඉතින් ඇනෝ තමයි) යා නොහැකි මානයට කැඳවාගෙන යාමට සහ විවේචන සහ විචාර ඉදිරිපත් කරන්නට මේ ඇනෝ අඩවිය සැමදා සුදානම්.

ඔබට ඔබේ විවේචන ඇනොනිමස් ගේ ලෝකය වෙත එවන්න පුළුවන් අපේ ඊමේල් ලිපිනය හරහා.. එතැනදී අපි ඒ අදහස් සංවර්ධනය කර ගවේෂණය කර ඇත්ත ඇති සැටියෙන් කීමට බැදී ඉන්නවා වගේම ඔබේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිනවා. සමබර හරවත් විවේචන සමගින් රුදුරු දරුණු විචාර විවේචන ඔබට අපේ අඩවිය හරහා නොදුරේදීම බලාගනු හැකිවෙතැයි අපි අපේක්ෂා කරනවා. මෙහිදී අපේ අඩවියේ වරදක් වුවත් ඔබට අපවෙත යොමු කල හැකි අතර ඒවා වුවද අපි කිසිඳු පැකිලීමකින් තොරව පලකරන බව වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ඇනොනිමස්ගේ ලෝකයේ ඇනෝ සඳහාම ඉඩ වෙන්වනවා. මෙහි කිසිඳු කමෙන්ටුවක් කිසිඳු හේතුවක් මත හෝ මකා දැමෙන්නේ නැති බවත් මතක තබා ගන්න. වාද විවාද සඳහා ඔබට අපේ අඩවිය සදා විවෘතයි...

එහෙමනම් පටන්ගනිමු... ඇනොනිමස් ගේ ලෝකය..

සම්බන්ධ වන්න.. : anonymusgelokayaඇට්ජීමේල්.කොම්