Monday, August 27, 2012

බ්ලොග් ලෝකේ බෝරින්ග් ඇයි?? -- ඇනොනිමස් ඩිස්කවරි

බ්ලොග් ලෝකයේ විවේචන තිබිය යුතුය. නොඑසේ නම් එය ඉතාම ඔද්දල් වූ කිසිම රහක් නැති දෙයක් වනු නොඅනුමානය. විවේචන මැදහත් සිතින් ඉවසනු මැනවි. රළු වුවද පරළු වුවද විවේචන එල්ලවන්නේ ඔබ ලියනා දේ සම්බන්ධවය. ඒ නිසා මල් මෙන්ම ගල්මුල් ද එක සේ භාර ගැනීමට ලියන්නා ශක්තිමත් විය යුතුය. ඒ වගේම විවේචනයකට විචාරශීලී පිළිතුරු දීම කල යුතුය. නොමැතිව සරලව ලෙස්සා යාම හෝ විවේචකයන් විවේචනයෙන් සිද්ධවන දෙයක් නැතිය.

ඇනොනිමස් සිටින්නේ විචාරකයාගේ තැනය.  ඒ ගැන සියලු ඇනෝ කරුවන් එකඟ වනවා නොඅනුමානය. ඇනෝ ගේ කාර්යභාරය ඉතා පුළුල් වුවක් මෙන්ම ඇනෝ යුද්ධ ටැංකියක් හා සමානව බලවත් සංකල්පයකි. ඒ වගේම යුද්ධ ටැංකියක් හා සම නොවන කුඩා කැටපෝලයකි. ඒ කියන්නේ සියලු අහුමුලු අස්සෙන් රිංගා යාමටත් බිඳ හෙළිය නොහැකි බාධක බිඳ හෙලීමටත් ඇනෝ හට හැකිය. ඒ නිසා සමහරු ඇනෝ භීතිකාවෙන් පෙළෙති.

මේ ලියන්නේ පරණ රජාගේ පෝස්ටුව සහ ඇනොනිමස් ඩිස්කවරි පෝස්ටු අලලා ය. එහිදී බොහෝ දෙනා කීවේ පරණ පිළුණු කුණු අතගාන්න එපා කියලා ය. ඒ රංග ගැන ය. ඒත් රජා ගැන කියන විට ඌ පොඩි එකෙක්ලු. ඌ ලියන්නේ ඌට ඕනා දේ ලු. උට උගේ පාඩුවේ ලියන්නට ඉඩ දෙන්න ලු. මට ඒ දිහාවේ නොයන්න ලු. නමුත් මේ අපහාසාත්මක මඩක් නොවන බව මම ඒ මහත්වරුන්ට කීමට කැමතියි. මේ තමයි නියම විවේචන.


හැකිනම් රජාට වෙනස්වන්නටයයි අපි කියන්නෙමු. රසකතා එකක් දෙකක් අතරේ වැදගත් එක දෙයක් ලියන්නටය කියමු.


එහෙත් කිසිවෙක්ට අපි අභියෝග නොකරන්නෙමු..


ඒ.... අභියෝග බාරගන්නට ඔබ තවම බොළඳ වැඩි බැවිනි.

2 comments:

  1. ඔන්න ඔහොම කිව්වා නම් හරිනේ.... දැන් නම් ඇත්තටම මහත්මා ගතියක් තියනවා..
    ඒත් පෞද්ගලික දැනුවත් කිරීම් වලට යන එක හොඳ නැද්ද..?
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete