Wednesday, August 22, 2012

බ්ලොග් වල අලුත්ම ට්‍රෙන්ඩ්ස්.. ඇනොනිමස් ඩිස්කවරි.

ඇනොනිමස් ගේ ලෝකය මේ ටිකේ බ්ලොග් ලෝකයේ දුටු අලුත්ම ට්‍රෙන්ඩ් ටිකක් ගැන කතා කරන්නයි සුදානම් වෙනේ.

1. ඔබට පෝස්ට් එකක් ලියන්න කරුණු කාරනා නැද්ද? වෙලාව හොයාගන්න විදිය ගැටළු තියනවද?

මේ කතාබහ මේ ටිකේම බ්ලොග් ලියන අය ගැවසෙන තැන්වල දී සිද්ධ වුනා. ඒ ගැන අපේ බ්ලොග් පොරක් වන රංග මහතා ලොකු ආදර්ශයක් දීල තියනවා. (රංග සන රමීෂා ගැන දන්නවා ඇතිය සිතමි. බ්ලොග් ලෝකයේ සුන්දරම කපල් එක වන මේ දෙන්නා ගැන අටුවා ටීකා ටිප්පනි කීම ලොවෙත් අනවශ්‍ය දෙයකි.)

මෙච්චරයි කරන්න ඕනේ. සරලයි. අන්තර්ජාලේ පීරන්න, ඉංග්‍රීසි ජෝක් කතාවක් හොයාගන්න. පුළුවන් තරම් හොඳට පරිවර්තනය කරන්න. ඔන්න ඔබ සතුව පෝස්ට් එක දැන් ඇත. දැන් ඉතින් එය පබ්ලිෂ් කරන්න. කැමති නම් ඔටෝ පබ්ලිෂ් කරන්න. ඒ පෝස්ට් ලියන්න ඔබට කාලයක් නැද්ද? එහෙමනම් වැඩ වැඩි වෙලාවක් බලන්න. වැඩිම වැඩ තියන වෙලාවේ මොකෙක්වත් ඔබ නෙට් එකේ පෝස්ට් කොටනවා බලන්නේ නැත. ඉතින්.. කොටන්න.. දවසට දෙකක් කොටන්න??? ඔව් ඔබට පුළුවන්. උදේ කියවන ජෝක් කතා යාළුවන්ට රසකර කීමෙන් පසු ඒවාට උන් හිනාවෙනවා නම් උදේ එකක් ද කෑමට පසු එකක්ද කොටන්න. ඔන්න දැන් පෝස්ට් දෙකක් ඔබ සතුය.



මුලික සුදුසුකම වැඩ අධික වීමයි. ඊට අමතරින් ඉන්ටනෙට් සහිත පරිඝනකයක් සහ බ්ලොග් ලියන්න කාලයක් තිබීම ප්‍රමාණවත් ය.

2. ජනප්‍රිය බ්ලොග් එකක් වෙන්න ඕනෙද?

මේකට උත්තර දීල තියෙන්නේ එක රැයෙන් ජනප්‍රිය(අ) වුන රමීෂා ඇන්ටී.. එයා එයාගේ සුවාමි පුරුසයා බ්ලොග් ලෝකේ පොරක් නිසා ඒ පොරගෙන් අහලා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි විදියට හිට් වුනේ එක රැයකින්. ඒ ටැබූ බඩු සහ රජු කියන පෝස්ට් එක හරහා (දැන් ඉතින් මෙතන ඇවිත් කියවන්න එපා ඔයා මීට කලින් මහා ජනප්‍රිය කෙනෙක් කියලා. එහෙමට මොකෙක්වත් ඔයාව දැනගෙන හිටියේ නෑ (ඔයාගේ සෙට් එක ඇරුනාම) ඔය පෝස්ට් එක යන්න කලින්.) ඊට කලින් අලුත් ආදර කතාවක්  ලියන හැටි කිරිල්ලියකට කියන රංග තමන්ගේ බ්ලොග් එකට සාර්ථකව ගිලිහුණු ජනප්‍රියතාව ආපහු ගන්නවා (දැන් කියන්න එපා මම බ්ලොග් ලියන්නේ ජනප්‍රිය වෙන්නද කියලා පෝස්ට් එකක් ලියනවා කියලා. කලින් ඇනෝ කෙනෙට බයවෙලා මම කොහොමද ජීවත් වෙන්නේ කියලා පෝස්ට් එකකින්ම උත්තර දුන්නට. අපි දැක්කා බ්ලොග් කියන්නේ ඔයාගේ ජීවිතේ මොකක්ද කියන එක..)

නෑ මම වෙඩි තියන්නේ මේ සමනලයට කියලා රජෙක්ට වෙඩි තියපු රමීසා නැන්දා ඒ හරහා ඉමහත් ජනප්‍රියතාවක් අත්කරගත්තේ එක ආදර්ශයක් දෙමින්. ඒ මේකයි. ජනප්‍රිය වෙන්න ඕනේ නම් හොඳින් හිට්ස් තියන බ්ලොග් එකක් විවේචනය කරන්න ඕනේ. ඒකත් කිසිම වැඩකට නැති විදියකට. නන්නත්තාර වෙන්න.. අන්න ඊට පස්සේ ඒ බ්ලොග් එකට ලින්ක්ස් දෙකතුනක් දානවා. ඊට පස්සේ ඉතින් අර බ්ලොග් එක බලා ඉද්දි කට්ටිය පිරෙන තැනක් වෙනවා.. ඔන්න.. කමෙන්ට්ස් කන්න වැටෙනවා.. (නැතිනම් ඉස්සර ගියේ චැට් නේ..) {රමීසා නැන්දා නම් දැන් ලියන්නේ පත්තරයකි. හිට්ස් පමණක් ඇති කමෙන්ට් අනවශ්‍ය ඒ පත්තරය බ්ලොග් ලෝකේ මුල්ම පත්තරයයි.}

 

4 comments:

  1. dan thiyana thathwe anuwa rangayataa ho uge pawlata mada gahanawaata mama kisisethama kamathi natha

    ReplyDelete
    Replies
    1. "dan thiyana thathwe anuwa" මාන කොකෝ, සුට්ටක් මේක පැහැදිලි කොලා නං...

      Delete
  2. අවංකව කියනවනම් මම ඔය ටැබූ බඩු සහ රජු පොස්ට් එකට කැමති නෑ එත් මට අනුව නම් රමීෂ කියන්නේ පොරක් ඒකිගේ සමහර මත වලට මම කැමති නැති උනත් එකී දාර්ශනිකයෙක් විදියට සාර්ථක නැති උනත් නිර්මාණ කරුවෙක් විදියට ලේකකයෙක් විදියට පොරක් . අනෝ උඹ කාල් ගාන්නේ පිළුණු වෙච්ච හොද්දක්

    ReplyDelete
  3. රමීෂගෙ සමහර නිර්මාන වලට අවංකවම මම කැමතියි..
    පට්ට අදහස් තියෙනවා ඒවයේ..
    ඒ වගේමයි බාල මඩ ප්‍රහාර හෙලා දකිනවා එකෙංම.. (නිර්මාණශීලී මඩ එල..)

    ReplyDelete