Saturday, August 18, 2012

ඇනෝනිමස් ගේ ලෝකය ගැන..

බ්ලොග් අවකාශයේ ඇනොනිමස් අඩවි කීපයක්ම තියෙනවා. අපිත් අලුතින් බ්ලොග් ලෝකෙට ආවේ ඇනොනිමස්ගේ බලය වගේම කීර්තියත් රැගෙන. සාමාන්‍ය නාමික බ්ලොග් කරුවෙක්ට (ඔවුනුත් ඉතින් ඇනෝ තමයි) යා නොහැකි මානයට කැඳවාගෙන යාමට සහ විවේචන සහ විචාර ඉදිරිපත් කරන්නට මේ ඇනෝ අඩවිය සැමදා සුදානම්.

ඔබට ඔබේ විවේචන ඇනොනිමස් ගේ ලෝකය වෙත එවන්න පුළුවන් අපේ ඊමේල් ලිපිනය හරහා.. එතැනදී අපි ඒ අදහස් සංවර්ධනය කර ගවේෂණය කර ඇත්ත ඇති සැටියෙන් කීමට බැදී ඉන්නවා වගේම ඔබේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිනවා. සමබර හරවත් විවේචන සමගින් රුදුරු දරුණු විචාර විවේචන ඔබට අපේ අඩවිය හරහා නොදුරේදීම බලාගනු හැකිවෙතැයි අපි අපේක්ෂා කරනවා. මෙහිදී අපේ අඩවියේ වරදක් වුවත් ඔබට අපවෙත යොමු කල හැකි අතර ඒවා වුවද අපි කිසිඳු පැකිලීමකින් තොරව පලකරන බව වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ඇනොනිමස්ගේ ලෝකයේ ඇනෝ සඳහාම ඉඩ වෙන්වනවා. මෙහි කිසිඳු කමෙන්ටුවක් කිසිඳු හේතුවක් මත හෝ මකා දැමෙන්නේ නැති බවත් මතක තබා ගන්න. වාද විවාද සඳහා ඔබට අපේ අඩවිය සදා විවෘතයි...

එහෙමනම් පටන්ගනිමු... ඇනොනිමස් ගේ ලෝකය..

සම්බන්ධ වන්න.. : anonymusgelokayaඇට්ජීමේල්.කොම්

2 comments: